Tuesday, December 15, 2020

මාළු ඇඹුල් තියල්

 කටට රසට මාතර ඇඹුල් තියල් හදමු (Mathata Abul Thiyal) - Your Choice Way

මාළු ඇඹුල් තියල් කියු සැණින් අපේ මතකයට එන්නේ දකුණු පළාත. ඔන්න අද අපි මාතර ආරෙට මාළු ඇඹුල් තියල් පිළියෙල කරගන්න අන්දම නිවැරැදිව කියා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • කෙලවල්ලා මාලු 250g
  • ගොරක කෑලි 5ක්
  • ලුනු කුඩු (කපල) මේස හැදි 1ක්
  • ලුනු කැට තේ හැදි 1ක්
  • ගම්මිරිස් මේස හැදි 2ක්
  • කුරුන්දු පොතු කැබලි 2ක්
  • කරපින්චා ඉති 3ක් හෝ කෙසෙල් කොල කැබැල්ලක්


සාදාගන්න ආකාරය:
  1. මුලින්ම ගොරක ටිකට වතුර ස්වල්පයක් එකතු කර ලුනු කැට ටික දමා තම්බා ගන්න.
  2. ගොරකා හොදින් තැම්බුනු පසු වතුර පෙරා ගන්න.
  3. එයට කුරුන්දු පොතු කැබැල්ල එකතු කර ගම්මිරිස් හා ලුනු කුඩු එකතු කර හොදින් බ්ලෙන්ඩ් කර ගන්න.
  4. මේ මිශ්‍රණයේ ලුනු රස හොදින් දැනිය යුතුය.ඇම්බුල් රසට වඩා.
  5. එවිට තමා ලුනු මාලු කෑල්ලට හොදින් උරාගෙන ඇම්බුල්තියල් වල නියම රසය එන්නෙ.
  6. මැටි හට්ටියක යටට කරපින්චා අතුරා ගන්න.නැත්නම් කෙසෙල් කොලය එලා ගන්න.
  7. දැන් සාදා ගත් මිශ්‍රණය මාලු වල දවටා ගන්න.වැඩිපුර ටික හට්ටිය යටට අතුරා ගන්න.
  8. දැන් මාලු ටික හට්ටියෙ පිලිවෙලට අතුරා ගන්න.
  9. ගොරක ටික තම්බාගත් වතුර ටික ඉතුරුනම් හෝ අලුත් වතුර ටිකක් තැම්බෙන්න අවශ්‍ය තරමට එකතු කර ගන්න.
  10. දැන් මද ගින්නේ පිස ගන්න.හට්ටිය පියනකින් වහල හදන්න.
  11. උතුරගෙන එනකොට හට්ටිය දෙපසින් අල්ලා සොලවා ගන්න.
  12. කීප සැරයක් මෙහෙම කර ගන්න.මාලු පොඩි වෙනවා නිසා හැදිගාන්න එපා.
  13. රෑට හදල උදේට කන්න ගන්න පුලුවන්.එතකොට රස වැඩි වෙනවා.
  14. කල් තියා ගන්න ඕනි නම් බොර ටික හොදටම වේලෙනකල්ම ලිපේ තියා ගන්න.
  15. එවිට මාසයක් උනත් ෆිජ් දාන්නෙ නැතිව තියා ගන්න පුලුවන්.
  16. ඇම්බුල් බොර වලට කැමති නම් හොදටම වේලෙනකල් ලිපේ තියන්න එපා.හොදට උතුරනකොට ලිපෙන් බා ගන්න.
  17. එවිට දවස් 3ක්4ක් තියා ගන්න පුලුවන්.
  • බල මාලු තමය ඇම්බුල්තියල් රසම.දෙවනියට කෙලවල්ලා මාලු. ඔයාලත් හදල බලන්න.

කබ්සා රයිස්

 


Latest ads

කබ්සා රයිස් සාදාගන්නා ආකාරය (Kabsa Rice)

  •  Thread starte
  • Start dReply

කබ්සා රයිස් සාදාගන්නා ආකාරය (Kabsa Rice) - Your Choice Way
අවශ්‍ය ද්‍රව්‍ය:
  • බාස්මති 2 කප් (ඔයාලාට කැමති ප්‍රමාණයක් හාල් අරගෙන මේ දමා තියෙන එවා වැඩි කර ගන්න )
  • ඔලිව් ඔයිල් 2 tbs
  • බටර් 1 tbs
  • කරාබු නැටි 3-4
  • බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3
  • කරදමුංගු ටිකක්
  • පොඩියට කපා ගත් ලුනු කප් 1
  • පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5
  • ටොමැටෝ පේස්ට් 2tbs
  • පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1
  • කොත්තමල්ලි කුඩු 2tbs
  • සුදුරු 1/2tsp
  • රස අනුව ලුණු
  • චිකන් ස්ටොක් අවශ්‍ය පමණ (නැතිනම් නෝර් සුප් කියුබ් 3-4 වතුර සමග දිය කර ගන්න )
  • ප්ලම්ස් හා කජු ටිකක්
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • සමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ 500g
සාදන ක්‍රමය:
  1. මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න.
  2. පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න.
  3. පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා )
  4. පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න.
  5. පසු එකට ටොමැටෝ පේස්ට් ටික හා ටොමැටෝ සෝස් ටිකක් දමා කලවම් කර ගන්න.
  6. පසු මේ මිශ්‍රනයට කොත්තමල්ලි කුඩු/සුදුරු කුඩු හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
  7. අන්තිමට සොදා ගත් හාල්/කජු ප්ලම්ස්/ගම්මිරිස් කුඩු දමා ගන්න.පසු බත් උයා ගන්න ප්‍රමාණයට චිකන් ස්ටොක් දමා බත් බේරි නොකර උයා ගන්න.
සැ.යු.(මේ බත් එක Saudi Arabian රයිස් එකක්.හරි රසයි වගේම හොඳ සුවදකුත් එනවා.) ඔයාලාට ඕනේ නම් පොඩියට කපා ගත් තක්කාලි ගෙඩි 2කුත් ලුනු බදින කොට මේකට දමා ගන්න පුළුවන්.එ වගේම චිකන් ටික තම්බා ගෙන කේක් ට්‍රේ එකක දමා බේක් කරලා ගන්නත් පුළුවන්

බිත්තර කට්ලට්

 බිත්තර කට්ලට් (Egg Cutlet) - Your Choice Way

අද අපි කියලා දෙන්න යන්නේ බිත්තර කට්ලට් හදන විදිහ.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • තම්බාගත් බිත්තර 5
  • තම්බාගත් අල ගෙඩි 2
  • තම්බාගත් මස් ග්‍රෑම් 100
  • චොප්කරගත් ළූණු
  • චොප්කරගත් අමුමිරිස්
  • ලුණු
  • ගම්මිරිස්කුඩු
  • පාන් කුඩු ග්‍රෑම් 100
බැටර් එක සඳහා:
  • පාන්පිටි ග්‍රැම් 100
  • ලුණු
  • වතුර

සාදන ආකාරය:
  1. අල හා මස් හොඳට පොඩි කර කලවම් කරගන්න. මේකට ලුණු, ගම්මිරිස්කුඩු, ළූණු, අමුමිරිස් එකතු කරගෙන අනාගන්න.
  2. දැන් බිත්තරයක් දෙකට කපා එක් පළුව බැඟින් තියලා ඉතුරු පළුව සඳහා අල සහ මස් මිශ්‍රණය තියලා අතින් බිත්තරේ හැඩයට සකස් කරගන්න.
  3. පාන්පිටි වලට ලුණු ටිකක් දාල ඝණ බැටර් එකක් එන්න බ්ලෙන්ඩ් කරගන්න.
  4. හදාගත්ත කට්ලට්ස් බැටර් එකේ දාලා පාන් කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.

Saturday, December 12, 2020

ගෙවතු වගාව

 

හිතුමතේට පැළ සිටුවීම ගෙවතු වගාව නොවේ

ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණීය විවිධත්වයක් සඳහා ගෙවත්ත වසර පූරාම බෝග වගාවලින් සමන්විත විය යුතුය. මේ සඳහා පවුලේ රුචිය, ප‍්‍රදේශය, කන්නය, ඇති ඉඩකඩ , ලැබෙන හිරුඑළිය හා ජල සැපයුමට අනුකූලවද, බහුබෝග, මිශ‍්‍ර බෝග හා බෝග මාරුවට උචිතවන පරිදි,

* නියග, සෙවන හෝ ජලය ප‍්‍රිය කරනබෝග

* සහජීවි හා තරගකාරි මෙන්ම කෙටිකාලීන හා දිගු කාලීන බෝග.

* ඖෂධ රසකාරක හා විසිතුරු ශාක.

* කොළ පොහොර හා ආවරණ බෝග මෙන්ම දැව හා තෘණ බෝග තෝරා ගත යුතුය.

තවදුරටත් වගා බිම හා හිරු එළියේ උපරිම ප‍්‍රයෝජනය උදෙසා වතුරශ‍්‍රාකාරව වගා කිරීම වෙනුවට ත‍්‍රිකෝණාකාරව පරතරයන් සපයා පැල සිටුවීම කළ හැකිය. එදිනෙදා අත්‍යවශ්‍ය බෝග කුස්සියේ වගාවක් ලෙස හෝ එළවළු කොටුවක් ලෙස ජල මුලාශ‍්‍රයක් අසල (ළිඳ) පිහිටුවා ගත්විට කාලය, ශ‍්‍රමය ඉතිරිකර ගතහැකි අතර වැඩි අවධානයකින් එම බෝග නඩත්තු කළ හැකිය.

ඉඩකඩ හිඟ නාගරික පරිසරයකදි භූමිය අවම ලෙස භාවිතාවන හා වායව පරිසරය උපරිමව භාවිතා කළහැකි විකල්ප මාර්ග ඔස්සේ වගා කළ හැකිය. මේ සඳහා කෙටිකාලීන බෝග තෝරාගැනීම වඩාත් වැදගත්වන අතර පලාකුළුණු , මලු, පෝච්චි වැනි බඳුන් වගා ද නිර්පාංශූ වගා ක‍්‍රම ද අනුගමනය කළ හැකිය.

ගෙවත්තකට සුදුසු පළිබෝධ පාලන ක‍්‍රම බෝග කළමනාකරණයේදී වඩා වැදගත් තැනක් ගන්නා අතර ඒ සඳහා තෝරාගන්නා තාක්ෂණික විකල්පයන් බෝගයක් භූමියේ පිහිටුවන දිනයේ සිට අස්වැන්න ලබාගන්නා තෙක් වැඩි අවධානයක් අනුගමනය කළ යුතු ඒවාය. එහෙත් සරලව එම තාක්ෂණයන් කොටස් කිහිපයකට වෙන් කළ හැකිය.

* හිතකර වගා ක‍්‍රම මගින් ගැටළු මග හැරීම.

* ස්වභාවික ක‍්‍රම මගින් ගැටලු අවම කිරීම.

* භෞතික ක‍්‍රම හා ස්වභාවික පළිබෝධ නාශක හැකි සෑම විටම යොදා ගැනීමෙන් පාලනය කිරීම.

ගෙවතු සංවර්ධනයේ ප‍්‍රධාන ඉලක්කය උපරිම භූමි පරිහරනයක් බැවින් සීමිත වු භූමියක වැඩියෙන් ප‍්‍රයෝජනයට ගතහැකි වායව පරිසරයේ වැවිය හැකි සෑම ඉඩකඩ උචිත බෝග ඇතුළත් කිරීම වැදගත්ය. මේ සඳහා සුදුසු වගා රටා හා විකල්ප වගා ක‍්‍රම අනුගමනය කළහැකි මුත් හිතකර පැළ ගහනයකට පරතර සැපයීමත් කප්පාදු හා පඳුරු පාලනය කොට නිෂ්පාදනය වැඩි කිරීමට මං සැලසීම ඉතා වැදගත්ය.

වසර පුරා බෝගයන්ගෙන් ගෙවත්ත පිරවීමේදී සම්පත් මෙන්ම ඉඩකඩ කළමනාකරණය කළ යුත්තේ කාලානුරූපීවය. මෙහිදී කන්නයට සුදුසු බෝග තේරීම , බෝග මාරුව, අතුරු බෝග පිහිටුවීම, තවාන් හා පැළ ප‍්‍රචාරණය හා පැළ සිටුවීම, ජල සම්පාදනය , පොහොර යෙදීම හා කප්පාදු ක‍්‍රම වැනි ශෂ්‍ය පාලනයන් අනුගමනය කළ යුත්තේ උපරිම නිෂ්පාදනයක් උදෙසා නියම කාලයටය. නිසි කලට අවශ්‍ය දේ කිරීමත්, අද සිදු කළ යුතු කාර්යය හෙටට කල් නොදැමීමත්, වසර 5 – 10 ක් තුල ගෙවත්ත යළිිිි සැලසුම් කිරිමත් ගෙවතු සංවර්ධනයේදී කාලය හා ගැටෙන අනිවාර්ය කාර්යයන්ය.

* ඵල දරණ අවස්ථාවක හැර හැකි සෑම විටම මතුපිට පස් ස්ථරය බුරුල් කර වාතනය දියුණු කරන්න. තෙතමනය සුරකින්න.

* තවාන් පාලනයට/පැළ නඩත්තුවට විකල්ප ක‍්‍රම අනුගමනය කරන්න.

* උචිත ස්ථානයක පැළ සිටුවන ගෙවතු පරිසරය සුන්දර හා ආකර්ශණීව කරන්න.

* හිතු මතේට පැළ රැස්කර සිටුවීම නොකරන්න. එය ගෙවතු වගාවක් නොවේ.

* අවශ්‍ය පමණට ජලය හා පොහොර සපයන්න.

* පැළෑටි අක‍්‍රිය අවස්ථාවක පමණක් කප්පාදු හා පඳුරු පාලනය කරන්න.

* ලිපේ අළු කාබනික පොහොර යොදා පැළෑටි ශක්තිමත් කරන්න.

* ඉවතලන ජීවි අපද්‍රව්‍යවලින් කොම්පෝස්ට් සාදා පස සරු කරන්න.

හිතුමතේට පැළ සිටුවීම ගෙවතු වගාව නොවේ

ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණීය විවිධත්වයක් සඳහා ගෙවත්ත වසර පූරාම බෝග වගාවලින් සමන්විත විය යුතුය. මේ සඳහා පවුලේ රුචිය, ප‍්‍රදේශය, කන්නය, ඇති ඉඩකඩ , ලැබෙන හිරුඑළිය හා ජල සැපයුමට අනුකූලවද, බහුබෝග, මිශ‍්‍ර බෝග හා බෝග මාරුවට උචිතවන පරිදි,

* නියග, සෙවන හෝ ජලය ප‍්‍රිය කරනබෝග

* සහජීවි හා තරගකාරි මෙන්ම කෙටිකාලීන හා දිගු කාලීන බෝග.

* ඖෂධ රසකාරක හා විසිතුරු ශාක.

* කොළ පොහොර හා ආවරණ බෝග මෙන්ම දැව හා තෘණ බෝග තෝරා ගත යුතුය.

තක්කාලි

 දුරවි පදු නාමකරණය – සොලනම් ලයිකොපර්සකම්       Binomial name – Solanum lycopersicum 

සමරුත් නාමය – ලයිකොපර්සකම් එස්කුලෙන්ටම්      Synonyms       – Lycopersicon esculentum 
කුලය – සොලනේසී                                          Family              – Solanaceae

ලාංකාවේ උඩරට තෙත් කලාපයේ හැර අනිකුත් සියලුම කෘෂි දේශගුණික කලාපවල තක්කාලි වගාකළ හැකිය. එය ගොවියාට සාර්ථක ආදායමක් උපයාදෙන, සැලකියයුතු අපනයන විභවයක් ඇති හා විටමින් ඒ, සී හා ඛනිජ පදාර්ථ අඩංගු බෝගයක් ද වේ.

800px-TomateTrossRomanaTyp

බීජ අවශ්‍යතාවය 
හෙක්ටයාරයකට – ග්‍රෑම් 300 – 400 කි.

තවාන් පිළියෙල කිරීම 
මීටර් 1 ක් පළල, මීටර් 3 ක් දිග තවාන් පාත්ති 20 ක් හෙක්ටයාරයක් සදහා අවශ්‍යය. 
පාත්ති වටා කාණුව සෙන්ටි මීටර් 45 ක් පළලට සකසන්න. 
තවාන් පාත්ති සෙන්ටි මීටර් 18 – 20 පමණ උස්විය යුතුය. 
මතුපිට පස් හා කොම්පෝස්ට් සම ප්‍රමාණවලින් මිශ්‍රකර, සෙන්ටි මීටර් 5 පමණ ඝනකම තට්ටුවක් සේ පාත්තිය මත අතුරන්න.

ජීවානුහරණය 
රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් – කැප්ටාන් / තිරාම් 
පිළිස්සීම මගින් – පාත්තිය හොදින් තෙමා මාරුවෙන් මාරුවට දහයියා හා පිදුරු තට්ටු වශයෙන් දමා පුළුස්සා ගන්න.

බීජ තවාන් දැමීම 
සුදුසු කාලය 
මාර්තු මැද හෝ අගෝස්තු මස අගදී බීජ තවාන් දමන්න. තවාන් දැමීමට පෙර බීජ ග්‍රෑම් 125 කට කැප්ටාන් / තිරාම් වැනි දිලීර නාශක ග්‍රෑම් 2ක් මිශ්‍ර කරගන්න. 
තවානේ පේලි අතර පරතරය සෙන්ටි මීටර් 12 – 15 ක් වනසේ බීජ තුනීව දමන්න.

සිටුවන ගැඹුර 
සෙන්ටි මීටර් 0.5 – 1.0 පමණ ගැඹුරකින් බීජ සිටුවා තුනී පස් තට්ටුවකින් වසන්න. ඉන්පසු පාත්තිය පිරිසිදු පිදුරු වැනි ද්‍රව්‍යයකින් තුනීව වසන්න. දිනපතා ජලය දමන්න. 
අධික වැස්සෙන් / හිරු එළියෙන් ආරක්ෂාකර ගැනීම සදහා තවාන ආවරණය කරන්න. 
දින 7 කින් පසු වසුන ඉවත් කරන්න. දින 8 – 10 තුළදී පැල තුනී කරන්න. වල් පළෑටි අතින් ගලවා දමන්න. 
පැල ගැලවීමට දින කිහිපයකට කළින් පැල දැඩිකිරීම සදහා තවානට ජලය අඩුවෙන් සැපයීම හා වැඩි වේලාවක් හිරුඑළියට පැල නිරාවරණය කිරීම වැදගත්ය.

ක්ෂේත්‍ර පිළියෙල කිරීම 
පෙර කන්නයේ සොලනේසියේ කුලයේ (මිරිස්, බටු, අර්තාපල්) බෝග වගා නොකළ ඉඩමක් වගාව සදහා තෝරාගන්න. 
ගැඹුරු පස් පෙරලීමකින් පසු පොළොව මට්ටමි කොට මනාව ජලය බැසයන පරිදි ඉඩම සකසා ගන්න.

පරතරය 
සෙන්ටි මීටර් 80 x 50 කි.

ක්ෂේත්‍රයේ සිටුවීම 
පැල ගැලවීමට දිනකට පෙර තවාන් හොදින් තෙත් කරන්න. 
තවානේ පැල දින 14 – 21 අතරදී ගලවා සිටුවන්න. සවස් වරුවේ ගලවා සිටුවන්න. 
පැල සිටුවන සෑම වලකටම කාබනික පොහොර යොදන්න. (හෙක්ටයාරයකට ටොන් 6 -12) සමතලා පාත්ති හෝ උස් පාත්තිවල පැල සිටුවීම කරන්න. පැල සිටුවා අධික හිරුරැස් ඇති නම් පැලවල මුල් වැඩෙන තෙක් ආවරණය කොට තබන්න.

පොහොර යෙදීම 
සකසාගත් වලවල් වලට පැල සිටුවීමට දින 2 – 3 පෙර කාබනික පොහොර සහ මූලික පොහොර වශයෙන් යෙදිය යුතු රසායනික පොහොර යෙදා පස් සමග කළවම් කරන්න. කාබනික පොහොර වශයෙන් හෙක්ටයාරයකට ටොන් 10 පමණ කුකුල් පොහොර ද යෙදිය හැකිය.

image

ජල සම්පාදනය 
බෝගයට ප්‍රමාණවත් ලෙස ජලය ලබාදෙන්න. වැඩිපුර ජලය යෙදීම සුදුසු නැත. විශේෂයෙන් වියළි කාලයකට පසු වැඩිපුර ජලය යෙදුවහොත් ගෙඩි පිපිරීමට ඉඩ තිබේ.

වල් මර්ධනය 
පැල සිටුවා සති 3 දී හා 6 දී සිදු කරන්න.

ආධාරක සිටුවීම 
ගස් ඇද වැටිම වලකා ගැනිම සදහා මල් පිපීම ආරම්භ වීමට කලින් ගස් අසල සිටුවා ගත් කෝටු වලට ගස් තබා ප්‍රවේශමෙන් බදින්න.

අනුග්‍රහය – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව       curtsey -  Department of Agriculture, Sri Lanka.

Our old rice varieties that boost immunity

  Of all the grains, rice is the most widely used in the world. Rice is also a staple food in the East, East and some Latin American countri...