Saturday, December 12, 2020

ගෙවතු වගාව

 

හිතුමතේට පැළ සිටුවීම ගෙවතු වගාව නොවේ

ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණීය විවිධත්වයක් සඳහා ගෙවත්ත වසර පූරාම බෝග වගාවලින් සමන්විත විය යුතුය. මේ සඳහා පවුලේ රුචිය, ප‍්‍රදේශය, කන්නය, ඇති ඉඩකඩ , ලැබෙන හිරුඑළිය හා ජල සැපයුමට අනුකූලවද, බහුබෝග, මිශ‍්‍ර බෝග හා බෝග මාරුවට උචිතවන පරිදි,

* නියග, සෙවන හෝ ජලය ප‍්‍රිය කරනබෝග

* සහජීවි හා තරගකාරි මෙන්ම කෙටිකාලීන හා දිගු කාලීන බෝග.

* ඖෂධ රසකාරක හා විසිතුරු ශාක.

* කොළ පොහොර හා ආවරණ බෝග මෙන්ම දැව හා තෘණ බෝග තෝරා ගත යුතුය.

තවදුරටත් වගා බිම හා හිරු එළියේ උපරිම ප‍්‍රයෝජනය උදෙසා වතුරශ‍්‍රාකාරව වගා කිරීම වෙනුවට ත‍්‍රිකෝණාකාරව පරතරයන් සපයා පැල සිටුවීම කළ හැකිය. එදිනෙදා අත්‍යවශ්‍ය බෝග කුස්සියේ වගාවක් ලෙස හෝ එළවළු කොටුවක් ලෙස ජල මුලාශ‍්‍රයක් අසල (ළිඳ) පිහිටුවා ගත්විට කාලය, ශ‍්‍රමය ඉතිරිකර ගතහැකි අතර වැඩි අවධානයකින් එම බෝග නඩත්තු කළ හැකිය.

ඉඩකඩ හිඟ නාගරික පරිසරයකදි භූමිය අවම ලෙස භාවිතාවන හා වායව පරිසරය උපරිමව භාවිතා කළහැකි විකල්ප මාර්ග ඔස්සේ වගා කළ හැකිය. මේ සඳහා කෙටිකාලීන බෝග තෝරාගැනීම වඩාත් වැදගත්වන අතර පලාකුළුණු , මලු, පෝච්චි වැනි බඳුන් වගා ද නිර්පාංශූ වගා ක‍්‍රම ද අනුගමනය කළ හැකිය.

ගෙවත්තකට සුදුසු පළිබෝධ පාලන ක‍්‍රම බෝග කළමනාකරණයේදී වඩා වැදගත් තැනක් ගන්නා අතර ඒ සඳහා තෝරාගන්නා තාක්ෂණික විකල්පයන් බෝගයක් භූමියේ පිහිටුවන දිනයේ සිට අස්වැන්න ලබාගන්නා තෙක් වැඩි අවධානයක් අනුගමනය කළ යුතු ඒවාය. එහෙත් සරලව එම තාක්ෂණයන් කොටස් කිහිපයකට වෙන් කළ හැකිය.

* හිතකර වගා ක‍්‍රම මගින් ගැටළු මග හැරීම.

* ස්වභාවික ක‍්‍රම මගින් ගැටලු අවම කිරීම.

* භෞතික ක‍්‍රම හා ස්වභාවික පළිබෝධ නාශක හැකි සෑම විටම යොදා ගැනීමෙන් පාලනය කිරීම.

ගෙවතු සංවර්ධනයේ ප‍්‍රධාන ඉලක්කය උපරිම භූමි පරිහරනයක් බැවින් සීමිත වු භූමියක වැඩියෙන් ප‍්‍රයෝජනයට ගතහැකි වායව පරිසරයේ වැවිය හැකි සෑම ඉඩකඩ උචිත බෝග ඇතුළත් කිරීම වැදගත්ය. මේ සඳහා සුදුසු වගා රටා හා විකල්ප වගා ක‍්‍රම අනුගමනය කළහැකි මුත් හිතකර පැළ ගහනයකට පරතර සැපයීමත් කප්පාදු හා පඳුරු පාලනය කොට නිෂ්පාදනය වැඩි කිරීමට මං සැලසීම ඉතා වැදගත්ය.

වසර පුරා බෝගයන්ගෙන් ගෙවත්ත පිරවීමේදී සම්පත් මෙන්ම ඉඩකඩ කළමනාකරණය කළ යුත්තේ කාලානුරූපීවය. මෙහිදී කන්නයට සුදුසු බෝග තේරීම , බෝග මාරුව, අතුරු බෝග පිහිටුවීම, තවාන් හා පැළ ප‍්‍රචාරණය හා පැළ සිටුවීම, ජල සම්පාදනය , පොහොර යෙදීම හා කප්පාදු ක‍්‍රම වැනි ශෂ්‍ය පාලනයන් අනුගමනය කළ යුත්තේ උපරිම නිෂ්පාදනයක් උදෙසා නියම කාලයටය. නිසි කලට අවශ්‍ය දේ කිරීමත්, අද සිදු කළ යුතු කාර්යය හෙටට කල් නොදැමීමත්, වසර 5 – 10 ක් තුල ගෙවත්ත යළිිිි සැලසුම් කිරිමත් ගෙවතු සංවර්ධනයේදී කාලය හා ගැටෙන අනිවාර්ය කාර්යයන්ය.

* ඵල දරණ අවස්ථාවක හැර හැකි සෑම විටම මතුපිට පස් ස්ථරය බුරුල් කර වාතනය දියුණු කරන්න. තෙතමනය සුරකින්න.

* තවාන් පාලනයට/පැළ නඩත්තුවට විකල්ප ක‍්‍රම අනුගමනය කරන්න.

* උචිත ස්ථානයක පැළ සිටුවන ගෙවතු පරිසරය සුන්දර හා ආකර්ශණීව කරන්න.

* හිතු මතේට පැළ රැස්කර සිටුවීම නොකරන්න. එය ගෙවතු වගාවක් නොවේ.

* අවශ්‍ය පමණට ජලය හා පොහොර සපයන්න.

* පැළෑටි අක‍්‍රිය අවස්ථාවක පමණක් කප්පාදු හා පඳුරු පාලනය කරන්න.

* ලිපේ අළු කාබනික පොහොර යොදා පැළෑටි ශක්තිමත් කරන්න.

* ඉවතලන ජීවි අපද්‍රව්‍යවලින් කොම්පෝස්ට් සාදා පස සරු කරන්න.

හිතුමතේට පැළ සිටුවීම ගෙවතු වගාව නොවේ

ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණීය විවිධත්වයක් සඳහා ගෙවත්ත වසර පූරාම බෝග වගාවලින් සමන්විත විය යුතුය. මේ සඳහා පවුලේ රුචිය, ප‍්‍රදේශය, කන්නය, ඇති ඉඩකඩ , ලැබෙන හිරුඑළිය හා ජල සැපයුමට අනුකූලවද, බහුබෝග, මිශ‍්‍ර බෝග හා බෝග මාරුවට උචිතවන පරිදි,

* නියග, සෙවන හෝ ජලය ප‍්‍රිය කරනබෝග

* සහජීවි හා තරගකාරි මෙන්ම කෙටිකාලීන හා දිගු කාලීන බෝග.

* ඖෂධ රසකාරක හා විසිතුරු ශාක.

* කොළ පොහොර හා ආවරණ බෝග මෙන්ම දැව හා තෘණ බෝග තෝරා ගත යුතුය.

No comments:

Post a Comment

Our old rice varieties that boost immunity

  Of all the grains, rice is the most widely used in the world. Rice is also a staple food in the East, East and some Latin American countri...