Latest ads
- K95 Face Mask
- Pitagamkaraya
- Updated:
- Brand New Nissan PRESEA/ FB14/ PULSAR Gear Panel Glass
- Shadowman90
- Updated:
- Windows 10 Pro Key
- nadtharindu
- Updated:
- වොශින් මැශින් එකේ හෝදන අයට
- NSW WORLD
- Updated:
- 15 AAcres cooconut land - Kurunegala
- wawula
- Updated:
කබ්සා රයිස් සාදාගන්නා ආකාරය (Kabsa Rice)
- Thread starte
- Start dReply
අවශ්‍ය ද්‍රව්‍ය:
- බාස්මති 2 කප් (ඔයාලාට කැමති ප්‍රමාණයක් හාල් අරගෙන මේ දමා තියෙන එවා වැඩි කර ගන්න )
- ඔලිව් ඔයිල් 2 tbs
- බටර් 1 tbs
- කරාබු නැටි 3-4
- බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3
- කරදමුංගු ටිකක්
- පොඩියට කපා ගත් ලුනු කප් 1
- පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5
- ටොමැටෝ පේස්ට් 2tbs
- පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1
- කොත්තමල්ලි කුඩු 2tbs
- සුදුරු 1/2tsp
- රස අනුව ලුණු
- චිකන් ස්ටොක් අවශ්‍ය පමණ (නැතිනම් නෝර් සුප් කියුබ් 3-4 වතුර සමග දිය කර ගන්න )
- ප්ලම්ස් හා කජු ටිකක්
- ගම්මිරිස් කුඩු ටිකක්
- සමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ 500g
- මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න.
- පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න.
- පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා )
- පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න.
- පසු එකට ටොමැටෝ පේස්ට් ටික හා ටොමැටෝ සෝස් ටිකක් දමා කලවම් කර ගන්න.
- පසු මේ මිශ්‍රනයට කොත්තමල්ලි කුඩු/සුදුරු කුඩු හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
- අන්තිමට සොදා ගත් හාල්/කජු ප්ලම්ස්/ගම්මිරිස් කුඩු දමා ගන්න.පසු බත් උයා ගන්න ප්‍රමාණයට චිකන් ස්ටොක් දමා බත් බේරි නොකර උයා ගන්න.
No comments:
Post a Comment