දුරවි පදු නාමකරණය – සොලනම් ලයිකොපර්සකම් Binomial name – Solanum lycopersicum
සමරුත් නාමය – ලයිකොපර්සකම් එස්කුලෙන්ටම් Synonyms – Lycopersicon esculentum
කුලය – සොලනේසී Family – Solanaceae
ලාංකාවේ උඩරට තෙත් කලාපයේ හැර අනිකුත් සියලුම කෘෂි දේශගුණික කලාපවල තක්කාලි වගාකළ හැකිය. එය ගොවියාට සාර්ථක ආදායමක් උපයාදෙන, සැලකියයුතු අපනයන විභවයක් ඇති හා විටමින් ඒ, සී හා ඛනිජ පදාර්ථ අඩංගු බෝගයක් ද වේ.
බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට – ග්‍රෑම් 300 – 400 කි.
තවාන් පිළියෙල කිරීම
මීටර් 1 ක් පළල, මීටර් 3 ක් දිග තවාන් පාත්ති 20 ක් හෙක්ටයාරයක් සදහා අවශ්‍යය.
පාත්ති වටා කාණුව සෙන්ටි මීටර් 45 ක් පළලට සකසන්න.
තවාන් පාත්ති සෙන්ටි මීටර් 18 – 20 පමණ උස්විය යුතුය.
මතුපිට පස් හා කොම්පෝස්ට් සම ප්‍රමාණවලින් මිශ්‍රකර, සෙන්ටි මීටර් 5 පමණ ඝනකම තට්ටුවක් සේ පාත්තිය මත අතුරන්න.
ජීවානුහරණය
රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් – කැප්ටාන් / තිරාම්
පිළිස්සීම මගින් – පාත්තිය හොදින් තෙමා මාරුවෙන් මාරුවට දහයියා හා පිදුරු තට්ටු වශයෙන් දමා පුළුස්සා ගන්න.
බීජ තවාන් දැමීම
සුදුසු කාලය
මාර්තු මැද හෝ අගෝස්තු මස අගදී බීජ තවාන් දමන්න. තවාන් දැමීමට පෙර බීජ ග්‍රෑම් 125 කට කැප්ටාන් / තිරාම් වැනි දිලීර නාශක ග්‍රෑම් 2ක් මිශ්‍ර කරගන්න.
තවානේ පේලි අතර පරතරය සෙන්ටි මීටර් 12 – 15 ක් වනසේ බීජ තුනීව දමන්න.
සිටුවන ගැඹුර
සෙන්ටි මීටර් 0.5 – 1.0 පමණ ගැඹුරකින් බීජ සිටුවා තුනී පස් තට්ටුවකින් වසන්න. ඉන්පසු පාත්තිය පිරිසිදු පිදුරු වැනි ද්‍රව්‍යයකින් තුනීව වසන්න. දිනපතා ජලය දමන්න.
අධික වැස්සෙන් / හිරු එළියෙන් ආරක්ෂාකර ගැනීම සදහා තවාන ආවරණය කරන්න.
දින 7 කින් පසු වසුන ඉවත් කරන්න. දින 8 – 10 තුළදී පැල තුනී කරන්න. වල් පළෑටි අතින් ගලවා දමන්න.
පැල ගැලවීමට දින කිහිපයකට කළින් පැල දැඩිකිරීම සදහා තවානට ජලය අඩුවෙන් සැපයීම හා වැඩි වේලාවක් හිරුඑළියට පැල නිරාවරණය කිරීම වැදගත්ය.
ක්ෂේත්‍ර පිළියෙල කිරීම
පෙර කන්නයේ සොලනේසියේ කුලයේ (මිරිස්, බටු, අර්තාපල්) බෝග වගා නොකළ ඉඩමක් වගාව සදහා තෝරාගන්න.
ගැඹුරු පස් පෙරලීමකින් පසු පොළොව මට්ටමි කොට මනාව ජලය බැසයන පරිදි ඉඩම සකසා ගන්න.
පරතරය
සෙන්ටි මීටර් 80 x 50 කි.
ක්ෂේත්‍රයේ සිටුවීම
පැල ගැලවීමට දිනකට පෙර තවාන් හොදින් තෙත් කරන්න.
තවානේ පැල දින 14 – 21 අතරදී ගලවා සිටුවන්න. සවස් වරුවේ ගලවා සිටුවන්න.
පැල සිටුවන සෑම වලකටම කාබනික පොහොර යොදන්න. (හෙක්ටයාරයකට ටොන් 6 -12) සමතලා පාත්ති හෝ උස් පාත්තිවල පැල සිටුවීම කරන්න. පැල සිටුවා අධික හිරුරැස් ඇති නම් පැලවල මුල් වැඩෙන තෙක් ආවරණය කොට තබන්න.
පොහොර යෙදීම
සකසාගත් වලවල් වලට පැල සිටුවීමට දින 2 – 3 පෙර කාබනික පොහොර සහ මූලික පොහොර වශයෙන් යෙදිය යුතු රසායනික පොහොර යෙදා පස් සමග කළවම් කරන්න. කාබනික පොහොර වශයෙන් හෙක්ටයාරයකට ටොන් 10 පමණ කුකුල් පොහොර ද යෙදිය හැකිය.
ජල සම්පාදනය
බෝගයට ප්‍රමාණවත් ලෙස ජලය ලබාදෙන්න. වැඩිපුර ජලය යෙදීම සුදුසු නැත. විශේෂයෙන් වියළි කාලයකට පසු වැඩිපුර ජලය යෙදුවහොත් ගෙඩි පිපිරීමට ඉඩ තිබේ.
වල් මර්ධනය
පැල සිටුවා සති 3 දී හා 6 දී සිදු කරන්න.
ආධාරක සිටුවීම
ගස් ඇද වැටිම වලකා ගැනිම සදහා මල් පිපීම ආරම්භ වීමට කලින් ගස් අසල සිටුවා ගත් කෝටු වලට ගස් තබා ප්‍රවේශමෙන් බදින්න.
අනුග්‍රහය – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව curtsey - Department of Agriculture, Sri Lanka.
No comments:
Post a Comment