Monday, February 15, 2021

Thama Daruwata Shapakala Amma, යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය.

යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය.


 පෙර එක දවසක..  රේවත ස්වාමීන් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනව. මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියක්  පැමිණෙනව.  මෙ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක්  ඉල්ලනව. මෙ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා..  මේ තරම් සිහිල් තියෙන සිහිල් දිය ගලා ගෙන යන ගංගාවක් අසළ ම ඔබ ඉද, එ ගංගාවෙන්ම පැන් පහසුකම තිබියදී, ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා,
 එවිට ඒ ප්‍රේතිය පිළිතුරු දෙනවා..  අනේ ස්වාමීනී මේ ගඟ ගලාගෙන යන ජල දහරාව, මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තහම, ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේන්නෙ, ලේ බවට පත්වෙනවා..  එනිසා ස්වාමීනි මට පැන්  දෝතක් දෙන්න දිය පිපාසාව සංසිඳුවා ගන්නට කියලා.., පිංවතුනි.. රේවත හාමුදුරුවෝ ඇයගේන්ම විමසන්නට වුණා මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදුවුන හේතුව කියලා..., මැය මනු ලොව ඉපදිලා ඉන්න කාලයේ මැයගෙ පුතා, පිංවතුනි උත්තර කියලා පුතෙක් සිටියා. උත්තර කියන පුතා හරිම ශ්‍රද්ධාවන්තයි,  එක දවසක් කච්චායන ස්වාමීන් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ.., මේ පුතාගේ මව මසුරු කමින් ලෝභ කමෙන් පුතාට බැන වදින්නට උනා. ඔය මහණ බමුණන්ට දන් දෙන්න එපා, දන්දීමෙන් ප්‍රතිඵලයක් නෑ කියලා නොයෙක් කරුණු කිව්වා. එවා පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විත සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනය අහපු නැති නිසා ඇය සාප කරනවා. ඔබ ඔය දීපු දානය පරලොව දී ඔබට ලේ බවට පත් වේවා.. කියලා,  පිංවතුනි ඒක පුතාට නෙවෙයි එකතු වුණේ., අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයක  ඉපදුනා ප්‍රේතියක් බවට පත්වෙලා. ආහාර අනුභවයක් ලබාගන්න බෑ.. ලැබෙන හැම දේම දකින හැමදේම ලේ බවට පත්වෙලා. එනිසා ඔබත් ඔබේ ජීවිතයේ අවබෝධ කරගන්න,, කෙනෙක් සිදු කරන පින්කම් අවතක්සේරුවෙන් දකින්න එපා. ඒ කරන පිංකම බාල විදියට කිරීමට උපදෙස් ලබා දෙන්න එපා. ඒ කරන පිංකම වැළැක්වීමට ඔබ කටයුතු කරන්න එපා. පිංවතුනි එවිට,,  ඔබට එහි පාපි ක්‍රියාවේ ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. නිසා මේ පුංචි බණ පදය ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින් දහම් සිදු කරන්න. මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සංසාරික බව ගමන කෙටි කර ගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න...

No comments:

Post a Comment

Our old rice varieties that boost immunity

  Of all the grains, rice is the most widely used in the world. Rice is also a staple food in the East, East and some Latin American countri...