Tuesday, December 8, 2020

එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් නැවත ලැබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ හිස්කබල්

 

එඩින්බරා විශ්ව විද්‍යාලයේ තැන්පත් කර තිබූ ශ්‍රී ලාංකික ආදීවාසීන්ට අයත් හිස්කබල් නවයක් ආදීවාසීන් වෙත නැවත භාර දීම පසුගියදා සිදු කෙරිණි.

එඩින්බරා විශ්ව විද්‍යාලයේ “ප්ලෙෆෙයා” පුස්තකාලය තුළ සංවිධානය කර තිබූ උත්සවයක දී ආදීවාසි නායක ඌරුවලිගේ වන්නිල ඇත්තන් හට මෙම හිස්කබල ප්‍රදානය
කෙරුණි.


සියවසකට පමණ පෙර ලබා ගත් මෙම අස්ථි කොටස් විශ්ව විද්‍යාලයේ ව්‍යුහ විද්‍යා අංශයේ තැන්පත් කර තිබුණු අතර මෙම හිස් කබල් විශ්ව විද්‍යාලයේ අදාල අංශය වෙත ලැබුණු ආකාරය පිළිබඳව අදටත් අපැහැදිළි ය.

වසර 200කට වඩා පැරණි මෙම අස්ථි කොටස් වැදි ජනයාට අයත් බව විශේෂඥයන් විසින් පෙන්වා දෙති. එසේම ශ්‍රී ලංකාවේ ආදීවාසීන් තමන් බවට වැදි ජනයා සිදු කරන ප්‍රකාශයන්ද නිවැරදි බව හිස්කබල ඔස්සේ පරීක්ෂණ සිදු කළ එඩින්බරා පරීක්ෂකයන් විසින් මෙහිදී පෙන්වා දෙති.


මෙම ඇටකටු වසර ගණනාවක් එඩින්බරාවල තිබුණද ඔවුන්ගේ ආත්මය අප සමග ශ්‍රී ලංකාවේ රැඳී සිටිය බවත් ඔවුන්ගේ ආත්මය සමග මෙම ශරීර කොටස් එකතු කිරීම ගැනද එඩින්බරා විශ්ව විද්‍යාලය හට ස්තුති කරන බවද ඌරුවලිගේ වන්නිල ඇත්තෝ මෙහිදී ප්‍රකාශ කළේය.


වැදි ජන ඉතිහාසය තුළ සාම්ප්‍රදායික දඩයම්කරුවන් සහ වනාන්තරයේ පදිංචි වූවන් ලෙස දක්වමින් මෙම හිස්කබල් ඔවුන්ගේ පැරණි භාණ්ඩ එකතුව තුළ ප්‍රදර්ශනය කිරීමට ආදීවාසීන් විසින් සැලසුම් කර ඇත.

No comments:

Post a Comment

Our old rice varieties that boost immunity

  Of all the grains, rice is the most widely used in the world. Rice is also a staple food in the East, East and some Latin American countri...